කොළඹ ජාතික රෝහලේ වාට්ටුවලට ලබා දී තිබූ රුපියල් මිලියන අටක් වටිනා ඖෂධ තොගයක් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක පෞද්ගලික ඔසුසල්වලට අලෙවි කර ඇතැයි හෙළි වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මරදාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ජාතික රෝහලේ වාට්ටු කිහිපයක ඖෂධ හිඟයක් දිනපතා පවතින බවට රෝහල් පරිපාලනයට පැමිණිලි ලැබී තිබුණේ මේ අතරය.
ඒ පිළිබඳ අවධානය යොමුකළ සෞඛ්‍ය බලධාරීන් විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ටද මේ පිළිබඳ දැනුම් දී ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව සුළු සේවකයකුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී තිබේ. ඒ අනුව ඖෂධ අලෙවි කිරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු වන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියගේ සේවය අත්හිටුවීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදීම සඳහා බෙදා දුන් ඖෂධ තොගයක් මෙලෙස අලෙවි කර තිබේ.