පෙම්පතකට මරා ගත් ඇමැති ප්‍රසන්නගේ පුතා අත්අඩංගුවට…!

September 28, 2022 at 7:38 pm | by emanisa.lk

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිට දී පාසල් සිසුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පුත්‍රයා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා ඇතුළු පස් දෙනා පසුව පොලිස් ඇප මත මුදා හැර ඇති බව ය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිට දී සැප්. 26 වන දා රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා ඇතුළු පාසල් සිසුන් පස් දෙනෙකු සහ තවත් සිසුන් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන ඇති අතර එහි දී මෙම පහරදීම සිදු වී ඇති බව ඔහු පැවසීය.

අනතුරුව පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා අතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරට ත් සඳහන් කළේ, තරුණියක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම පහරදීම සිදු වී ඇති බව ය.

ඇමති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට, අදාළ සිසුන් දෙනොගෙන් අයෙකු පෙම් හසුනක් දීමේ සිද්ධියක් මෙම පහරදීමට හේතු වී ඇති බව සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත.

පහරදීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැමිණ ඇත්තේ ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති WP KX 8472 දරන මෝටර් රථයෙන් වන අතර එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බවට ද අනාවරණය වී තිබේ. පහර දීමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *