චීන ණය උගුල යනු සම්පූර්ණයෙන්ම පදනම් විරහිත කට කතාවක් පමණක් බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි ප්‍රකාශ කරයි.
එසේ ම ඇතැම් රටවල් විසින් නිර්මාණය කර ව්‍යාප්ත කරන චීන ණය උගුල පිළිබඳ ආඛ්‍යානය සංවර්ධනය වෙමින් පවතින රටවලට අටවා ඇති ඌන සංවර්ධිත උගුලක් බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමතිවරයා මෙලෙස අදහස් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විටත් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අතරතුර චීන විදේශ ඇමැති වැන්ග් යී සමග පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාව අතරතුරදීය.
චීන රජය සිය භූ-දේශපාලනික අරමුණු සඳහා කුඩා රටවල ණය බර ප්‍රයෝජනයට ගන්නා ආකාරය විස්තර කිරීම සඳහා ඇතැම් බටහිර රටවල් මෙම සංකල්පයෙන් සිදුකරන අතර ආර්ථික හෝ දේශපාලන සහන ලබා ගැනීමේ අරමුණින් තව දුරටත් ණය ලබාදෙමින් කටයුතු කිරීම මෙමගින් පැහැදිලි කරයි.
මෙම සංකල්පය මිත්‍යාවක් බව හුවාදක්වමින් ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා චීනයේ මිත්‍රභාවයේ වැදගත්කම අවධාරණය කර තිබිණි.