රණවිරුවන් 58ක් ජිනීවා දඬුකඳේ…! රටවල් 26කට ඇතුළු වීම තහනම්..! ප්‍රභාකරන් මැරූ නිලධාරියත් ඒ අතර…!

September 22, 2022 at 8:09 am | by emanisa.lk

මෙරට හමුදා ප්‍රධානින් 58 දෙනකුට එරෙහිව යුද අපරාධ චෝදනා සඳහා දඬුවම් කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණය ජිනිවා මානව හිමිකම් කවුන්සිලය විසින් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව වන්නි මෙහෙයුම ක්‍රියාත්මක කළ එම හමුදා ප්‍රධානින්ට යුරෝපයේ රටවල් 26 ක් ඇතුළු බටහිර රටවලට යෑමට නොහැකි අතර ඔවුන් එම රටවලට පැමිණියහොත් අත්අඩංගුවට ගෙන සිරගත කරනු ඇත.

මෙම හමුදා නිලධාරීන්ගේ නම් මානව හිමිකම් කවුන්සිලය විසින් ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වන රටවල් 100කට යවා ඇත.
මෙලෙස යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් අතර ප්‍රභාකරන් මරා දැමීමේ මෙහෙයුම දියත් කළ හමුදා නිලධාරියා ද වේ.

මෙම ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇත්තේ නඩු විභාග සහ සාක්‍ෂි විමසීමකින් තොරවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටක හමුදා නිලධාරීන් 58 දෙනකුට දඩුවම් කිරීමට මානව හිමිකම් කවුන්සිලය තීරණය කළ මුල් වතාව මෙයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *