දමිතා විශේෂ සිරකුටියකට යොමු කළේ ජීවිත ආරක්ෂා සඳහායි..! – ජේලර්වරියගේ ලොග් සටහනින් ඇත්ත එළියට…

September 19, 2022 at 10:52 am | by emanisa.lk

රංගන ශිල්පිනී දමිතා අබේරත්න වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි විශේෂ අංශයේ සිරකුටියට යොමු වූයේ ඇගේම කැමැත්තෙන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවත්වන පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

තමන් ජරා ගැහැනුන් සිටින තැනකට දමන්නැයි බන්ධනාගාර උසස් නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියකට පැවැසී යැයි කරන ප්‍රකාශය පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ නියමයෙන් ඇරැඹි පරීක්ෂණයේදී මේ තොරතුරු අනාවරණය වී ඇත.

විශේෂ අංශයේ සිරකුටියක ඇයව රඳවා තැබීමට දමිතා අබේරත්න කැමැත්ත පළ කළ බවත් ඒ අනුව ඇය එම සිරකුටියේ රඳවා තැබූ බවටත් බන්ධනාගාර නිලධාරිනිය ලොග් සටහනක් තබා ඇතැයි ද මෙතෙක් කර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දමිතා අබේරත්න අරගලයේ පෙරමුණ ගෙන ක්‍රියා කළ අයකු බැවින් බන්ධනාගාරය තුළ වෙනත් දේශපාලන මත දරන කාන්තාවන් වේ නම් ඔවුන්ගෙන් ඇයට ජීවිත තර්ජන එල්ල විය හැකි නිසා ඇගේ ආරක්ෂාව පතා විශේෂ අංශයට යොමු කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *