ජනාධිපතිතුමාට හොඳ ආත්ම ශක්තියක් කොඳු නාරටියක් තියෙනවා..! – අරගල නායිකා දමිතා…

September 14, 2022 at 4:43 pm | by emanisa.lk

හොරුන් ආරක්ෂා කිරීමට කිසි විටෙකත් ඉදිරිපත් නොවන්නැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලයි.

අද (14) අධිකරණ කටයුත්තක් සඳහා අධිකරණය වෙත පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවාය.

“ක්‍රමවේදය එපා කියන්නයි අපි පාරට බැස්සේ. අපිට බඩගිනි දැනුන නිසා නෙමෙයි. මගේ ගෙදරට කන්න බොන්න දෙන්න නැතුව නෙමෙයි, මම පාරට බැස්සේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි ඔබතුමා හොරුන්ව රකින්න හිටගන්න එපා. මේ රටේ මිනිස්සුන්ව මිනිස්සු ඉල්ලපු දේ, හොරු එපා. පාර්ලිමේන්තුවේ මේ රට පාලනය කරන්න ඉන්න හොරු අයින් කරන්න. හොරු නැතුව පිරිසිදු මිනිස්සු එක්ක ගමනක් යන්න.

ඔබතුමාට ඒ ගමන යන්න බැරි වුණොත් ජනාධිපතිතුමනි ඔය හොරුම තමා ඔබතුමාගේ ගමනත් වළක්වන්නේ අද අපිව මර්දනය කරනවා වගේම.

මම හිතනවා ඔබතුමාට හොඳ ආත්ම ශක්තියක් තියෙන, හොඳ කොඳු නාරටියක් තියෙන නායකයෙක් කියලා. පුළුවන් නම් ඉෂ්ට කරලා පෙන්වන්න රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම්. මම ඇත්තටම ඔය කියන කිසිම චෝදනාවකටවත් වැරදිකරුවෙක් නොවන කෙනෙක්.

මම පොලීසිය මිනිස්සුන්ගෙන් බේරගත්ත එක තමා කරේ. මම කවදාවත් පොලීසියට වචනයක් කියලා බනින්න කාටවත් ඉඩක් දුන්නෙත් නෑ. මම කිව්වා ඔය යුනිෆෝම් ඇතුළේ අපි වගේම මනුස්සයෙක් ඉන්නවා. ඔය යුනිෆෝම් එක ඇඳලා හිටියේ නැත්නම් ඔය මිනිස්සුත් අපිත් එක්ක හිටගන්නවා.

ඒ නිසා ඔය මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ කියලා මම ඒ මිනිස්සුන්ව බේරගත්ත එක හැමතැනම කළේ. එහෙම බේරගත්ත මට, මගේ අම්මාගේ ඇස්වලින් ගිය කඳුළුවලට වන්දි ගෙවන්නම වෙනවා අනිවාර්යයෙන්ම. හුස්ම ගන්නකල් ෆයිට් කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *