රට වැනසූ ගෝඨාභයට ආණ්ඩුවේ බංගලා දීම වැරදියි…! ඔහු ජීවත් විය යුත්තේ හම්බන්තොට පැලක…! – මුජිබර් රහුමාන්…

September 7, 2022 at 8:47 am | by emanisa.lk

පෝලිම්වල ජනතාව මැරෙන තැනට රටේ ආර්ථිකය විනාශ කළ හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩුවේ බංගලාවක් ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

මේ රටේ මන්දපෝෂණය ඇති කළ බාල ගෑස් ගෙනැවිත් ජනතාව මරා දැමූ ජනාධිපතිවරයා නැවත ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරමින් ඇතැයි මුජිබර් රහුමාන් චෝදනා කරයි.

ගෝඨාභය රාජපක්ෂ මේ රටට කළ විනාශයට අනුව ඔහු ජීවත්විය යුත්තේ හම්බන්තොට පැලක බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මේ රටේ තුන්වේල කන්නට නැතිව සිටින ජනතාවට තවත් බර පැටවිය යුතු නැතැයි ද මුජිබර් රහුමාන් සඳහන් කළේය.

ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *