2/3 ආණ්ඩුවේ සරල බහුතරයත් අවසන් කරමින් තවත් 10ක් විපක්ෂයට…!

September 4, 2022 at 2:47 pm | by emanisa.lk

ඉතා ඉක්මනින් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවනු ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

දැනට ආණ්ඩු පක්ෂයේ ස්වාධීනව කටයුතු කරන තවත් මන්ත්‍රී කණ්ඩායමක් ළඟදීම විපක්ෂයට පැමිණීමට නියමිත බව පැවසූ මහ ලේකම්වරයා ඒ සමඟ ආණ්ඩුවේ මැතිසබා බහුතරය අහිමිවීම ස්ථිර බවද සඳහන් කළේය.

මේ වන විට කතානායකවරයා ද සමඟ ආණ්ඩු පක්ෂයේ සිටින්නේ මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 119 දෙනෙකි. විපක්ෂයේ පක්ෂ ගණනාවක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු 106 ක් සිටිති.

තමන් දන්නා ආකාරයට දැනට ආණ්ඩු පක්ෂය තුළ ස්වාධීනව සිටින තවත් මන්ත්‍රීන් 10 දෙනෙක් පමණ ඉතාම ඉක්මනින් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව අතර ඒ සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 110 දෙනෙක් බවට පත්ව ආණ්ඩුවට බහුතරය අහිමිවන බව මහ ලේකම්වරයා කීය.

මෙම කණ්ඩායම් සමඟ තම පක්ෂය ඉදිරියේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා සුදුසු දේශපාලන තීන්දුවක් ගන්නා බව හෙතෙම පැවසීය. ඒ සමඟ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වනු ඇතැයි ද රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *