පාර්ලිමේන්තුවෙ 113ක සරල බහුතරය පෙන්වන කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටු වීමට අවස්ථාව ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව පෙන්වා දී ඇත්තේ ඊයේ පස්වරුවේ රැස් වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදීය.
තමාට අවශ්‍ය වන්නේ රට අස්ථාවර කිරීමට නොවන බව හෙතෙම සඳහන් කර ඇත.
අද උදෑසන (05) 10ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහි දීී ආණ්ඩුවේ සරල බහුතරය ද අහිමි කර නව පාලනයක් ගොඩනැඟීමට විමල් පාර්ශ්වය විපක්ෂ කණ්ඩායම් සමග සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වෙයි.