කෑගලු ආසන සංවිධායක සජබෙන් පන්නයි…!

September 3, 2022 at 4:06 pm | by emanisa.lk

කෑගල්ල සමගි ජන බලවේග කාර්යාලය තුළ එහි සේවිකාවක ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කෑගල්ල සජබ සංවිධායක ලක්ෂ්මන් දිසානයකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කොට තිබේ.

එසේ ම ඔහුගේ ආසන සංවිධායක ධූරය ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සජබය තීරණය කොට ඇත.

සකුන්තලා වීරසිංහ නම් 38 හැවිරිදි එම කාන්තාව වසර 17ක් එම කාර්යාලයේ සේවය කොට ඇති අතර ඈ ගෙළ මිරිකා වෙඩි තබා ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය.

මෙම කාන්තාව සහ ලක්ෂ්මන් දිසානායක අතර රහස් සබඳතාවක් පැවැත ඇති අතර මෑතක දී ඈ ග්‍රාම නිලධාරියෙකු සමග විවාහ ගිවිස ගෙන තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *