සමගි ජන බලවේග කෑගල්ල දිස්ත්රික් සංවිධායක ලක්ෂ්මන් දිසානායක අත්අඩංගුවට ගෙන තිබේ.
සජබ කෑගල්ල පක්ෂ කාර්යාල සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.
අද 36 හැවිරිදි එම කාන්තාව පක්ෂ කාර්යාලයේ පිටුපස කාමරයක ඇඳක් මත වෙඩි වැදී මිය ගොස් තිබිණි.
මෙම කාන්තාව ලක්ෂ්මන් දිසානායක උදෑසන ඇගේ නිවසට ගොස් කැඳවා පැමිණ ඇතැයි ද වාර්තා වෙයි.
119 හදිසි ඇමැතුම් ඒකකයට ලැබුණු දුරකතන ඇමැතුමක් අනුව පැමිණි පොලිසියට මෙම කාන්තාවගේ මෘතදේහය හමු වී ඇත.