රටේ කිසි ම ඩොලර් හිඟයක් නෑ…!

September 3, 2022 at 8:23 am | by emanisa.lk

ඩොලර් වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට අද රටේ නීතියක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

පාර්ලිමේන්තුවේදී අද (02) ඔහු මේ බව පැවසීය.

වංචා කරන ඩොලර් රටට ගෙන්වා ගැනීම සඳහා විදේශ විනිමය පනත වහා සංශෝධනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

ගාමිණී වලේබොඩ මෙසේ පැවසූවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

රටට ඩොලර් හිඟයක් නැති බවත් අවශ්‍ය නීතිරීති ඇති කිරීමෙන් ඩොලර් ගෙන්වා ගැනීම අපහසු දෙයක් නොවන බවත් ගාමිණී වලේබොඩ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *