ආදායම වශයෙන් රුපියල් බිලියන 1800ක් ලබන අතර රාජ්‍ය අංශයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා බිලියන 1300ක් ගෙවමින් තව දුරටත් රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
“ලංකාව නිදහස අරගෙන අවුරුදු 75ක් තිස්සේ දැන් ආර්ථිකය එකතැන කැරකීමක් තමයි තිබෙන්නෙ. අපි දියවැඩියාව තියාගෙන දොස්තර ළඟට ගිහිල්ලා ඇහුවොත් මොනවාද කරන්නෙ ඕනෙ කියලා, එයා කියාවි ඔබට මැරෙන්න ඕනෙ නම් ඔහොම්මම ගත කරන්න. නමුත් ජීවත්වෙන්න ඕනෙ නම් ඇඟිල්ලක්, අතක්, කකුලක් කපන්න වෙයි සමහර විට, හැබැයි ඒකෙන් තමයි ජීවත්වෙන්න පුළුවන් වෙන්නෙ කියලා. දොස්තර ළඟට යන්න ඕනෙ ඕක අහගන්න.
මෙන්න මේක තමයි අද ලංකාවට වෙලා තියෙන්නෙ. ශ්‍රී ලංකාව ආදයම හැටියට බිලියන 1800ක් ලබාගෙන රජයේ පෙන්ෂන් සහ පඩි ටික බිලියන 1300ක් ගෙවලා කොයි ආකාරයෙන්ද මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නෙ ? ඉතින් මේක තව වැඩි වෙන්න වැඩි වෙන්න රටේ බංකොලොත්භාවය වැඩිවෙනවා.
අපි ඒක බලාගෙන ඉන්නවාද? හුඟක් දෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බනිනවා. නමුත් ඇත්ත තත්ත්වය තමයි ඔවුන් කියන්නෙ අපට හිතන්න බැරි නිසා. අපි බයයි ක්‍රියාත්මක කරන්න. නමුත් අපි ක්‍රියාත්මක කළා නම් අද සතුටුදායක තත්ත්වයක් තමයි ඇති වෙන්නෙ.”
හිටපු අමාත්‍ය රවී කරුණානායක මේ බව පැවසුවේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.