ලංකාව සහ IMF අතර එකඟතාවක්…! හදිසි ණයක් ප්‍රදානයට සූදානම්…!

August 31, 2022 at 4:38 pm | by emanisa.lk

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට ඉදිරි පැය කිහිපය ඇතුළත අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙයි.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රදානය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික එකඟතාවකට පැමිණ ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් හෙට දිනයේදි නිකුත් කරනු ඇති බවත් පවසන එම වාර්තාව ඩොලර් බිලියන තුනක මුදලක් ශ්‍රී ලංකාව ඉල්ලා ඇති බව ද වාර්තා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *