ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉවත් කිරීමෙ මෙහෙයුමක් දියත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු දේශපාල ප්‍රබලයකු සහ දැනට ආණ්ඩු පක්ෂයේ සිටින ප්‍රබලයකුගේ අනුදැනුම යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවතියි.
පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයෙන් කවුරුන් හෝ ජනාධිපති ධුරයට පත්වන්නේ නම් ඔහු හෝ ඇය නිල බලයෙන් පක්ෂයේ සභාපතිවරයා බවට පත්වෙයි. එහෙත් ඔහු හෝ ඇය ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසු පක්ෂ සභාපති ධූරය හිමි විය යුතු බව එහි නැත.
එම වගන්තිය මුල් කරගෙන දැනටමත් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොඩනුකර ඇති අතර එහි තීන්දුව වාසිසහගත වුවහොත් තාවකාලික නායකයා ලෙස මහින්ද අමරවීර පක්ෂ නායකත්වයට පත්කරනු ඇත.