හිටපු ජනපති ගෝඨාභය අගමැති ධූරයට…! පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත…!

August 26, 2022 at 8:25 am | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු අගමැති ධුරය භාර ගන්නේ නම් ඊට තමන්ගේ අකමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.

ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ දී අද (25) පැවැති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ගෝඨාභය රාජපක්ෂට අගමැති ධුරය ලබා දීමට කැමති ද යනුවෙනි.

ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ කළේ, “අපේ අකමැත්තක් නැහැ. කැමතියි. අනිවාර්යයෙන් අපි ඡන්දයත් දෙනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ ප්‍රකාශ කළේ,

“ගෝඨාභය රාජපක්ෂ මහතා කඩිනමින් මේ රටට පැමිණිය යුතුයි. එතුමාට ආරක්ෂාව ලබාදිය යුතුයි. අපේ කිසි අකමැත්තක් නැහැ. හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා පත්කරගත් ජනාධිපතිවරයෙක් නේ. ඉතින් අගමැති ධුරයට පත්වුණාට කවුද අකමැති වෙන්නේ. මම නම් විරුද්ධ නැහැ. එතුමා ඉල්ලුවොත් අගමැති ධුරයට අපි ඡන්දයත් දෙනවා.”

කෙසේ වුව ද එම පක්ෂයේ හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළේ, පක්ෂය කැමැත්ත කුමක් වුව ද හිටපු ජනාධිපතිවරයා ඊට එකඟ නොවනු ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *