හිටපු ජනාධිපතිට ආරක්ෂාව දෙන්න..! – මානව හිමිකම් කොමිසමෙන් රජයට නිර්දේශ….

August 23, 2022 at 11:36 am | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දිවයිනට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර ඇත.

හිටපු ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපයේ දී මෙරටට පැමිණීමට නියමිතය. ඔහුගේ මිරිහානේ පිහිටි නිවසේ ආරක්ෂක විධිවිධාන මේ වන විටත් දැඩි කර ඇත.

මහා සංඝ රත්නය ඇතුළු පාර්ශ්ව ගණනාවක් හිටපු ජනාධිපතිවරයාට නැවත සිය රට පැමිණීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *