පාඨලීගේ 43 වන සේනාංකයේ නියමුවන් එජාපයට..! රජිත් කීර්තිට ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ධූරයක්…!

August 22, 2022 at 8:58 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පැවසීය.

සිවිල් සංවිධාන, මානව හිමිකම්, මැතිවරණ නිරීක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කළ රජිත් කීර්ති තෙන්නකෝන්, පසුගිය සමයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ 43 වන සේනාංකයට එකතු වී කටයුතු කළේය.

43 වන සේනාංකයේ රජිත් කීර්ති තෙන්නකෝන් මෙන් ම නීතීඥ මෛත්‍රී ගුණරත්න සහ නීතීඥ ශිරාල් ලක්තිලක ද නුදුරේ දීම එජාපයට එකතු වනු ඇතැයි වාර්තා වෙයි. පාඨලීගේ සමීපතමයෙකු වූ ධනුෂ්ක රාමනායක ද පසුගියදා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *