බ්‍රිතාන්‍යයෙන් ලංකා ආර්ථිකයට තල්ලුවක්…! අපනයන සඳහා 80%ක තීරු බදු සහන…!

August 17, 2022 at 8:45 am | by emanisa.lk

එක්සත් රාජධානිය සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත ලබාදෙන වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) සඳහා ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.

ඒ තුළින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන 80%කට වැඩි ප්‍රමාණයක් සඳහා තීරු බදු රහිතව එක්සත් රාජධානියේ වෙළෙඳපොළ වෙත පිවිසීමේ හැකියාව ලබා දෙයි.

එය GSP වෙනුවට එක්සත් රාජධානිය විසින් හඳුන්වාදී තිබෙන ආදේශකයකි. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට එය මෙම පහසුකම විශාල උත්තේජනයක් වනු ඇති බව ආර්ථික විශේෂඥ මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *