ගෝඨාණ්ඩුව විනාශ කළේ බැසිල්..! ඔහු හාමු කෙනෙක් වගේ පක්ෂ නායකයින්ට බනිනවා…! – විමල්..

August 16, 2022 at 11:17 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ පාලනය බිඳ වැටීමට මූලික හේතුව ඔහු පවුලේ ග්‍රහනයට නතු වීම සහ බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකාරීත්වය බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ අඩු දේශපාලන දැනුම ද ගතයුතු තීන්දු ගතයුතු අවස්ථාවේ නොගැනීම ද නොගත යුතු තීන්දු ගැනීම ද ඊට හේතු වූ බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

වරක් පක්ෂ නායක හමුවක දී රදළ වලව්කාරයෙකු ගෙදර වැඩකරුවන්ට සේ හිටපු අමාත්‍ය අතාවුල්ලාට සහ අතුරලියේ රතන හිමියන්ට බැසිල් රාජපක්ෂ බැණ වැදුණු බව ද ඔහු සඳහන් කළේය.

රට ප්‍රපාතයට වන බව රටට පැවසීම නිසා තමන් ඇමැති ධූරවලින් නෙරපා දැමූ බවත් අනතුරුව ඉතිරි ටික ද කී බවත් විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *