ස්වාධීන පිරිසට ආණ්ඩුවේ ඇමැතිකම් බෑ…! පොහොට්ටුව ජනපතිට දැනුම් දෙයි…!

August 7, 2022 at 10:33 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වී පසුව තමන් ස්වාධීන වූ බව කියන කිසිවකුට සර්ව පාක්ෂික ආණ්ඩුවේ තනතුරු ලබා නොදීමට එම පක්ෂය තීන්දු කර තිබේ.

එම පිරිසට පොහොට්ටුවේ අනුමැතියකින් තොරව සර්ව පාක්ෂික ආණ්ඩුවේ තනතුරු සහ පිළිගැනීම ලබා නොදිය යුතු බව පොහොට්ටුව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.

මේ පිරිස තම පක්ෂයෙන් මන්ත්‍රී ධුර ලබාගෙන පසුව තමන්ගේ අභිමතය පරිදි ස්වාධීන වූ බව ප්‍රකාශ කරන හෙයින් පොහොට්ටුව මෙම තීරණය ගත් බවයි, එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *