ආවේගශීලී ජනතාව පාරට බැහැලා තමයි රටවල් වෙනස් කළේ…! – ෆීලඩ් මාර්ෂල්…

August 6, 2022 at 6:12 pm | by emanisa.lk

අරගලය නිසා දේශපාලකයින්ට ගමට යාමට නොහැකි පාරක් විවෘත කිරීමට යා නොහැකි ගමට යාමට බිය යහපත් කාලයක් උදා වී ඇතැයි සමගි ජන බලවේග සභාපති ෆීලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු පවසන්නේ ලෝකය වෙනස් වූයේ මෙවැනි අරගලවලින් බවයි. තමා ඒ සඳහා උදව් කළේ අරගලකරුවන්ගේ ඉල්ලීම් තමන්ගේ ද අරමුණු වූ නිසා බව ද හෙතෙම අනාවරණය කළේය.

අවේගශීලී ජනතාව පාරට බැස දූෂිත පාලකයින් මට්ටු කර මිස ටොෆි චොකලට් බෙදා රටවල් ගොඩනඟා නැතැයි ද ෆීල්ඩ් මාර්ෂල් පෙන්වා දෙයි.

නිර්පාක්ෂික අරගලය මේ වන විට ඒ ඒ පක්ෂවලින් සල්ලි ඉල්ලා පසුපස එන තැනට වැටී ඇති බවත් එවිට අරගලකරුවන්ට ඒ ඒ පක්ෂවල උවමනා එපාකම් අනුව කටයුතු කිරීමට සිදුවන බවත් ෆීල්ඩ් මාර්ෂල් පෙන්වා දෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *