රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ජනාධිපති රටේ සියලු දෙනාගේ සහයෝගය මත කටයුතු කරන අතර ඒ සඳහා මේ පක්ෂවල සිටින ජ්‍යෙෂ්ඨයින්ගේ අත්දැකීම් අවශ්‍ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු පක්ෂවල දැනීම ඇති අය එකතු වී සහයෝගය දීම රට දිනවීමේ වැඩපිළිවෙලට අවශ්‍ය බවද මහින්ද අමරවීර කීය.
කළ යුත්තේ ආණ්ඩු වට්ටලා, රට විනාශ කර බලය ලබා ගැනීම නොව සර්ව පාක්ෂික රජයට එක්වී රට දිනවීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.