මේ රටේ ජනතාව අද එක හඬින් පවසන්නේ අනුර දිසානායක ජනාධිපති ධූරයට පත් කළ යුතු බව යැයි විජිත හේරත් පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්වරයා පැවසුවේ එය හංගන්නට දෙයක් නොවන බවයි.
පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක් සමග පැවැති වැඩසටහනකට එකතු වෙමින් විජිත හේරත් මෙලෙස ප්රකාශ කළේ පත්වන සියලු ජනාධිපතිවරුන්ට ගෙදර යන්න කියන්නේ ජනතාව අනුර ඉල්ලන තුරු දැයි විමසූ අවස්ථාවේය.