225 ම මරා දැමිය යුතු බව ප්‍රකාශ කරමින් එදා ගෝඨාභයට එරෙහි වූ තමන්ට පහර දුන් තරුණයින්ට දඬුවම් කළ යුතු නැතැයි පාර්ලිමේන්තු කුමාර වෙල්ගම පවසයි.
එහෙත් ඔවුන් පිටුපස සිටින ත්‍රස්තවාදී නායකයින්ට ඔළුව ඉස්සීමට ඉඩදිය යුතු නැතැයි වෙල්ගම අවධාරණය කරයි.
ඩලස් අලහප්පෙරුම තමන්ගේ හොඳ මිතුරෙකු වුව ද ඔහු ජනාධිපති වූයේ නම් නටන්නේ ත්‍රස්තවාදීන් කියන විදිහට බවයි, ඔහු ප්‍රකාශ කළේ.
පක්ෂ විපක්ෂ භේද නැතිව සර්ව පාක්ෂික ආණ්ඩුවක් තැනිය යුතු බවත් රනිල් වික්‍රසිංහ ද අසාර්ථක වුවහොත් ජනතාව නැවත කොළඹට එනු ඇති බවත් කුමාර වෙල්ගම සඳහන් කළේ අද (27) පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීතිය පිළිබඳ විවාදයට එකතු වෙමිනි.