තමා අරගලය අතහැර පළා යාමට උත්සාහ කළ බවට පළවන වාර්තා අසත්‍ය බව ඩනීෂ් අලී පවසයි.
තමා කටුනායකින් ඩුබයි දේශය බලා යාමට උත්සාහ කළේ අරගලය ජාත්‍යන්තරයට රැගෙන යාමට බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වීම ඇතුළු අපරාධ ගණනාවක චූදිතයකු වන අලී මේ බව ප්‍රකාශ කළේ පොලිසිය විසින් අධිකරණය කරා රැගෙන යමින් සිටිය දී ය.
ඊයේ කටුනායක ගුවන්තොටුපළේ ගුවන් යානාවකින් ඩුබයි බලා යාමට උත්සාහ කිරීමේ දී ඩනීෂ් බුද්ධි අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.