ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16ක් ඉදිරියේදී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇත.
එසේ ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
මේ අතර සමගි ජනබල පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉදිරියේ දී පිහිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වීමට සූදානම් වන බව ද වාර්තා වේ.
ඒ අනුව විපක්ෂ නායක ධූරය අභියෝගයට ලක් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩි ම මන්ත්‍රී ගණන ඇති පක්ෂය බැවිණි.
පසුගියදා අනුප්‍රාප්තික ජනාධිපති තරඟයෙන් පැරදුනු ඩලස් අලහප්පෙරුම ද විපක්ෂයට එකතු වීමට නියමිත අතර ඔහුට එහි දී ඡන්ද 82ක් ලැබිණි.