ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුමට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
එම කණ්ඩායමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු පමණ ඇතුළත් වන බව දැන ගන්නට තිබේ.
ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, ඩීලාන් පෙරේරා ඇතුළු පිරිසක් අයත්ය.
මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බව දැනගන්නට ඇත.
ඩලස් අලහප්පෙරුම පළමු වරට ඊයේ විපක්ෂ නායකයින් සමග මාධ්‍ය හමුවක ද දක්නට ලැබිණි.