අපි ඩලස්ව දාලා ඡන්දෙත් දුන්නා..! නමුත් එයා පැරදුණා…! – මහින්ද…

July 20, 2022 at 6:21 pm | by emanisa.lk

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත්වූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේය.

ඒ අනුව තම පාර්ශ්වයෙන් ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළ අතර ඡන්දය ද ලබාදුන් නමුත් ඔහු පරාජයට පත් වූ බවත්, ඒ කෙසේ වුවද කවුරුන් හෝ ජයගතයුතු බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ගාලුමුවදොර අරගලය සම්බන්ධයෙන් මෙහිදී ඔහුගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ, අරගලය සිදු කළා ඇති යැයි තමා විශ්වාස කරන බවත්, අරගලය කරන තරුණයින් දැන් එළියට ගිහින් වැඩ කළ යුතු බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *