ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර 50ක ප්රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් පනවා තිබේ.
කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ විසින් මෙම නියෝගයක් නිකුත් කර තිබේ.
කොටුව පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන හෙයින් අදාළ පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්රදේශය තුළට කිසිදු පාර්ශ්වයක් ඇතුළු වීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කළේය.
මෙයට පෙර ද බණ්ඩානායක ප්රතිමාවේ දෑස් බැඳ අරගලකරුවන් විරෝධතාවක නිරත විය.