ජනාධිපතිවරණයට රනිල් ඩලස් සහ අනුර…! සජිත්ගේ සජබ සහය ඩලස්ට…! විධායක අගමැති සජිත්…!

July 19, 2022 at 10:34 am | by emanisa.lk

ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූ අතර මහාචාර්ය ජී. එල් පීරිස් එය ස්ථිර කළේය.

ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන පැවසූ අතර මන්ත්‍රී මනුෂ නානායක්කාර එය ස්ථිර කළේය.

ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායකගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් පැවසූ අතර හරිනි අමරසූරිය එම යෝජනාව ස්ථිර කළාය.

මේ අනුව ඩලස් අලහප්පෙරුම ජනාධිපති කර 19 වන සංශෝධනය නැවත බලාත්මක කර අගමැති ධූරය සජිත් ප්‍රේමදාස වෙත ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *