තීරණාත්මක පියවරක් ගැනීමට තමන් පාර්ලිමේන්තුව බලා යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඒ පාර්ලිමේන්තුවට යන අතර ට්විටර් සටහනක් තබමිනි.
“තීරණාත්මක පියවරක් ගැනීමට මම පාර්ලිමේන්තුවට බලා ගමන් කරමින් සිටිනවා. මගේ මාතෘභූමියේ ජාතික අවශ්‍යතා සහ මගේ සහෝදර ශ්‍රී ලාංකීය ජනතාවගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු අවස්ථාවේ දී මම නිවැරදි තීරණයක් ගන්නා බව ජනතාවට දැනුම් දීමට අවශ්‍යයි.”
මේ අතර දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ සජිත් සහ ඩලස් පාර්ශ්ව එකතු වී ජනාධිපති සහ අගමැති ධූර බෙදා ගැනීම සඳහා සාකච්ඡා සිදුකරමින් පවතින බවය.
On my way to Parliament to take a crucial step. I want the people of 🇱🇰 to know that I will take the correct decision at the appropriate time to protect my motherland’s national interest and the rights of all my fellow Sri Lankan people.
— Sajith Premadasa (@sajithpremadasa) July 19, 2022