ජනපති ගෝඨාභය ඉල්ලා අස්වුණා…! දැන් ජනාධිපති රනිල්…! – කතානායක නිල වශයෙන් රටට කියයි…

July 15, 2022 at 10:04 am | by emanisa.lk

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය.

ඒ අනුව 2022 ජුලි මස 14 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගන්නා තෙක් අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයෙහි වැඩ බලනු ඇත.

නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට හෙට පාර්ලිමේන්තුව රැස්වන බවත් ඒ රැස්වීම සඳහා සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස ද කථානායකවරයා දැනුම් දුන්නේය.

කථානායක නිල නිවසේ දී අද (14) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මේ බව කීය.

https://www.youtube.com/watch?v=hOOpsvRpTF0

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *