මේ මොහොතේ පවතින ග්‍රහචාරය අනුව පොදුජන පෙරමුණේ විකල්ප කණ්ඩායමෙන් ඉදිරිපත්වන ඩලස් අලහප්පෙරුම ජනාධිපති වීමට ඉඩ ඇති බව ජ්‍යොතිෂවේදී කේ.ඒ.යූ සරත්චන්ද්‍ර පවසයි.
අද සිදුවන සෙනසුරු මාරුවෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ ග්‍රහචාරය බරපතළ ලෙස නරක අතට හැරෙන බව ද හෙතෙම පෙන්වා දෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලය අහිමි වන දිනය නිවැරදිව ප්‍රකාශ කළ ජ්‍යෝතිර්වේදියා ලෙස තමන් මේ මොහොතේ මේ අනාවැකිය පළ කරන බව ද සරත් චන්ද්‍ර සඳහන් කරයි.