අගමැති රනිල් ඉල්ලා අස්වීමට තීන්දු කරයි..!

July 9, 2022 at 6:31 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.

දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේ දී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒවා සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණය ගන්නා බව ඔහු පවසයි.

දේශපාලන අර්බුදයකට ගියහොත් මේ සියල්ල කඩාකප්පල් වන නිසා ඉල්ලා අස්විමට තිරණය කර තිබේ.

එබැවින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු විරුද්ධ පක්ෂ නායකයින්ගේ මෙම නිර්දේශයට එකඟ වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *