රටට ඩොලර් ගේන්න අලුත් මාර්ගයක්..! හෙද හෙදියන්ට විදේශ රැකියා 27 000ක්…!

July 3, 2022 at 10:05 am | by emanisa.lk

හෙද හෙදියන් සඳහා විදේශීය රටවල සාත්තු සේවිකා රැකියා 27426ක් විවෘතව ඇතත් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව හෙවත් අයි.එල්.ටී.එස්. විභාගය සමත් නොවීම නිසා එම රැකියාවලට යොමු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ විදේශගතවීම සඳහා හෙද හෙදියන්ගේ අයැදුම්පත් රැසක් ලැබී ඇති බවයි. එහෙත් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා විභාගය සමත් නොවීම නිසා හෙද හෙදියන් යොමු කිරීමට නොහැකි වී ඇත.

ජර්මනිය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ඊශ්‍රාලය වැනි රටවලින් එම රැකියා අවස්ථා විවෘතව පවතියි. හෙද හෙදියන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ දී මතුව තිබූ ගැටලු ඇමැති මනුෂ නානයක්කාර සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡාකර විසඳා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *