තව දවස් දහයෙන් ඉන්ධන සහ ගෑස් පෝලිම් අවසන්..!

July 2, 2022 at 10:36 pm | by emanisa.lk

තව දින දහයක් ඇතුළත පවතින ගෑස් සහ ඉන්ධන ප්‍රශ්නය විසඳිය හැකි යයි ජනාධිපතිවරයා පැවසූ බව මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අද (02) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පොදුජන පෙරමුණු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් අතර වූ හමුවේදී මේ බව පැවසූ බවයි.

“අද රටේ ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ. රෝහල්වල ඇම්බියුලන්ස් එකට තෙල් ටික නැහැ. මේ ප්‍රශ්න සියල්ලම ජනාධිපතිතුමාට තේරුම් කරලා දීලා මේකේ ඉදිරි වැඩ පිළිවෙල මොකක්ද කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඇහැව්වා. අපි ඉල්ලීමක් කළා කඩිනමින්ම අදාළ නිලධාරීන් එක්ක වාඩිවෙලා මේ වැඩ පිළිවෙල රටට කියන්න කියලා.

එතුමා අපිට පොරොන්දුවක් උනා මේ තෙල් ප්‍රශ්නය ගෑස් ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා. ඒ නිසා මේ දවස් දහය දොළහා අපි ඉඅවසීමෙන් බලා ඉන්නවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස