හෝමාගම මාගම්මන ප්රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නට හේතුව කාමරයේ තිබූ ඉන්ධන පිර වූ භාජනයකට ගිනි ඇවිළීම බවට මේ වන විට කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
එම භාජනයේ තිබූ ඉන්ධන ක්රම ක්රමයෙන් වාෂ්ප වී එම නිවසේ කාමරය තුළ රැඳී තිබෙන අතර පහනක් දැල්වීමක් මෙම ගින්නට හේතු වී ඇති බවත් පොලිසිය සැක කරයි.
මෙම ගින්නෙන් එක ම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනා ම පිලිස්සුම් තුවාල ලබා ඇති අතර මේ වන විට මවත් පියාත් මරණයට පත්ව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 19 හැවිරිදි දියණිය කොළඹ ජාතික රෝහලේත් 4 හැවිරිදි දියණිය රිජ්වේ ළමා රෝහලේත් ප්රතිකාර ලබන බවට වාර්තා වෙයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ , හෝමාගම මාගම්මන පදිංචි ලසන්ත බුද්ධික රණසිංහ නමැති 42 හැවිරිදි සැමියා සහ 39 හැවිරිදි ඔහුගේ බිරියයි.