පවතින ඉන්ධන අර්බුදය ලබන සතිය වන විට යම් තරමකට හෝ පාලනය කිරීමට හැකිවනු ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍ය, මහින්ද අමරවීර පවසයි.
පෙට්‍රල් නැවක් මෙම මස 23 වැනිදා හා ඩීසල් නැවක් 24 වැනිදා ලැබීමට නියමිත බව කී ඇමතිවරයා, ඒවා බෙදාහැරීම ආරම්භ කිරීමෙන් පසු 100%ක් නැතත් පවතින තදබදය යම් තරමකට අඩුවනු ඇතැයි පෙන්වා දෙයි.
අත්‍යාවශ්‍ය සේවාවලට මෙන්ම කෘෂිකාර්මික, ධීවර ආදී කටයුතු ආදියට ප්‍රමුඛතාව දෙමින් මෙන්ම සලාක ක්‍රමවේදයක් හරහා එම ඉන්ධන බෙදාහරින බවයි ඔහු සඳහන් කරයි.
එමඟින් අර්බුදය යම් තරමකට පාලනය කළ හැකි නමුත් ඉන්ධන එක්රැස්කිරීම් ආදිය පාලනය කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බව ද හෙතෙම කීය.