අගමැති රටේ දැවෙන ප්‍රශ්න රාශියක් විසඳා අවසන්..! ඉවසීමෙන් වැඩකළෛාත් ඉතිරි ප්‍රශ්නත් ඉක්මනින් විසඳනවා..!

June 19, 2022 at 9:22 am | by emanisa.lk

මේ වන විට රටේ දැවෙන ප්‍රශ්න රාශියකට විසඳුම් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හැකියාව ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

පොහොර ප්‍රශ්නයට මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය සඳහා මේ වන විට සාර්ථක ලෙස පිළියම් ලබා දීමට හැකියාව ලැබී ඇතැයිද හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහයෝගය ලබා ගැනීමටත් මෙරට ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති බවත් එම වැඩ කටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් සිටින්නැයි ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

දේශපාලන පක්ෂ මෙන් ම ජනතාව ද මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දැක්විය යුතු බවත් කලබල නොකර ඉවසීමෙන් කටයුතු කළහොත් ඉක්මනින්ම ප්‍රශ්න විසඳා ගැනීමට හැකි බව ද එජාප සභාපතිවරයා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ලේ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *