වර්ජකයින් ජල බලාගාර 05ක් නවතයි..! මෙගාවොට් 300ක් අහිමි වෙයි…! ඩොලර් පුච්චමින් රටට විදුලිය…!

June 10, 2022 at 2:26 pm | by emanisa.lk

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයට එකතු වූ විදුලි බල වෘත්තීය සමිති එදින අලුයම 3.00 සිට අලුයම 6.00 වන විට කැනියොන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, සමනල, ඉහළ කොත්මලේ සහ කොත්මලේ යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු නවතා දමා තිබේ.

මේ නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවයක් අහිමි වී ඇති නිසා නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරය පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ.

වර්ජිත වෘත්තීය සමිති මගින් අක්‍රිය කළ ජල විදුලි බලාගාර 05ක් තවමත් අක්‍රීයව පවතින අතර ගොවි ජනපදවලට ජලය සැපයීමට උවමනා නිසා විදුලි නිෂ්පාදනයකින් තොරව අති විශාල ජලස්කන්ධයක් බලාගාර ආශ්‍රිත ජලාශවලින් මේ වන විටත් මුදා හරිමින් තිබේ.

ජල විදුලි ඒකකයක් රු. 4කට පමණ නිෂ්පාදනය කළ හැකි බවත් ගල් අඟුරු විදුලි ඒකකයක් සඳහා රු. 50කට අධික වියදමක් දැරිය යුතු බවත් සඳහන් වන අතර මේ නිසා ගල් අඟුරු ආනයනය සඳහා ඩොලර් ලක්ෂ ගණනක් නිකරුනේ ගෙවීමට සිදුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *