ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිදු දේශපාලන පරිණතභාවයක් නොමැති, දේශපාලන අත්දැකීම් නොමැති පුද්ගලයෙකු බවට තමා මීට පෙර දැරූ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.
දේශපාලන පරිණතභාවයක් තිබුණේ නම් තමාට ඇමති ධුරයක් බාර ගන්නැයි ආරාධනා නොකරන බවයි, ඇමතිවරයා මල්වතු මහ නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
මීට පෙර තමන් ප්‍රකාශ කළ කරුණු නිවැරදි බව ජනාධිපතිවරයා දැන් පිළිගෙන ඇති බවත්, අඬගසා ඇමතිකම් ලබා දුන්නේ ඔහුට කර ගැනීමට නොහැකි නිසා බවත් විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.
තමා ඇමති ධුරයක් බාර ගැනීමට කටයුතු කළේ ඇමති ධුරයෙන් බැබලීමට නොව දුෂ්කර අවස්ථාවේ දී රට වෙනුවෙන් ඉටුවිය යුතු වගකීම ඉටු කිරීම සඳහා පමණක් බවත් ඇමතිවරයා අවධාරණය කරයි.