තමා දන්නා ආර්ථික විද්‍යාව අනුව ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීමෙහි යහපත් ලක්ෂණ ද ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මෙලෙස රුපියල අවප්‍රමාණ වීම නිසා රටට ඩොලර් ආයෝජන ගෙන්වා ගැනීමේ පහසුවක් ඇති බවයි, විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
එය අන්ධකාරය තුළ පුංචි එළියක් බව ද හෙතෙම පෙන්වා දෙයි.
කෙසේ වුව ද එය ක්‍රියාත්මක වීමට නම් රට දේශපාලන ආර්ථික වශයෙන් ස්ථාවර විය යුතු බවත් විදුලි සැපයුම බල ශක්ති සැපයුම අඛණ්ඩව ලබා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
අද (26) විපක්ෂ නායක කාර්යාලයේ දී ඇගළුම් කම්හල් හිමියන් පිරිසක් හමු වූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය.