නව යුද හමුදාපතිවරයා ලෙස වත්මන් යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ පත් කර ඇත.
එම පත්වීම ලබන පළමුවනදා සිට බලාත්මකය.
වත්මන් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැයි 31 වනදා සිට යුධ හමුදාපති ධුරයෙන් විශ්‍රාම යනු ඇත.
ඔහු ජුනි පළමු වනදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ ස්ථිරවම රාජකාරි කරනු ඇති අතර මේ දක්වා ඔහු එම ධුරයේ වැඩබලන රාජකාරිවලයි නිරත වූයේ ය.