පාර්ලිමේන්තු භෝජනාගාරය වහල දාන්න…! සාධාරණ මිලට බත් පැකට් එකක් විතරක් දෙන්න…! – රමේෂ් පතිරණ…

May 19, 2022 at 11:20 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධික සුඛ විහරණ සහිත ජීවිත ගතකරන බවට සමාජයේ දැඩි වෛරයක් ඇතැයි හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

දවස් 365 ම මන්ත්‍රීවරුන් සිය පවුලේ සාමාජිකයින් සමග පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් රජ බොජුන් වළඳන්නේ යැයි ජනතාව සිතන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එහෙයින් මෙම සමාජ වෛරය නැති කිරීම සඳහා කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමා සාධාරණ මිලකට කෑම පැකට්ටුවක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් රමේෂ් පතිරණ පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස හැසිරෙමින් කාලය නාස්ති කරන්නේ 25ක පමණ පිරිසක් බවත් ඒ පිරිස නම් කර සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි සමාජයේ මතුව ඇති වෛරය සංසිඳුවීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *