අගමැතිතුමා රාජපක්ෂවරුන්ගේ රැකවලෙක් වෙන්න යනවාද? එහෙම නැතිනම් ජනතාවගේ රැකවලෙක් වෙන්න යනවාද කියා ප්රශ්නයක් තිබෙන බව සමගි ජන බලවේග කොළඹ දිස්ත්රික් මන්ත්රී එස්.එම්. මරික්කාර් පවසයි.
අද (18) පාර්ලිමේන්තුවේ දී මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේය.
අග්රාමාත්යවරයාගේ ඉලක්කය විය යුත්තේ රට ගොඩ දැමීම විනා සමගි ජන බලවේගය දෙකට කැඩීම නොවෙි යැයි ද මරික්කාර් සඳහන් කළේය.
ඊට පිළිතුරු සපයමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ තමන්ට උවමනා රාජපක්ෂලා නොව රට ආරක්ෂා කිරීමට බවය.