පුද්ගල ඒකරාශීවීම් තහනම්…! ජංගම පොලිස් සංචාර ඉහළට…! ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට වෙඩි…! පොලිසියට බලය…

May 15, 2022 at 7:28 pm | by emanisa.lk

දිවයින පුරා ක්‍රියාත්මක පවතින තත්ත්වය මත නිතිය හා සාමය තව දුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකම අපරාධ වැළැක්වීමේ ජංගම සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පතිවරයා සියලු ම පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් මගින් නියෝග කර තිබේ.

සමාජ මාධ්‍යජාලා ඔස්සේ පුද්ගලයින් ප්‍රචණ්ඩකාරීත්වයට සහ විවිධ අපරාධවල නිරත වීම සඳහා පෙළඹවීම් සිදුකරන බවට බුද්ධි අංශ මගින් තොරතුරු හෙළි කර ගෙන ඇති හෙයින් අනවශ්‍ය පරිදි පුද්ගලයින් ඒකරාශීවීම් වැළැක්විය යුතු බව ද එමඟින් දැනුම් දී ඇත.

කිසිවෙකු ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා පෙළඹෙන්නේ නම් ඒවා වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අවශ්‍ය අවස්ථාවල දී වෙඩි තැබීමේ උපදෙස් ද ක්‍රියාත්මක කර අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියාව වැළැක්විය යුතු බවත් පොලිස්පතිවරයාගේ වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

මේ නියෝගය සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාශ භාර නිලධාරීන් ඇතුළු උසස් නිලධාරීන් වෙත යොමු කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *