විදුලි අර්බුදය විසඳෙන ලකුණු…! ගල් අඟුරු ටොන් 120 000ක් එයි…!

April 20, 2022 at 9:49 am | by emanisa.lk

මේ වන විට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120 000ක් වරායෙන් ගොඩබාමින් ඇතැයි අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

මේ නැව් දෙක සඳහා ඇ.ඩො. මිලියන 38ක් ගෙවා තිබේ.

ඒ සමග මොසම් වැසි කාලයට පෙර ගොඩබාගත යුතු ගල් අඟුරු අවශ්‍යතාව සම්පූර්ණ වන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

එසේ ම ගුවන් යානා ඉන්ධන තොගයක් සහ ඩීසල් තොගයක් ද මේ වන විට ගොඩබාමින් ඇතැයි ඔහු වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *