දුෂ්කර මොහොතේ චීනය නැවතත් පිහිටට…! ලංකාවට ගොඩ එන්න අත දෙන්න සූදානම්…!

April 19, 2022 at 5:47 pm | by emanisa.lk

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර ලබා දීමට චීන රජය තීරණය කර ඇතැයි චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රකාශකයෙක් අද (19) ෂින්හුවා පුවත් සේවයට පවසා තිබේ.

“ශ්‍රී ලංකාව චීනයේ මිත්‍ර අසල්වැසියෙක්. අපට ශ්‍රී ලංකාව මුහුණදී සිටින උග්‍ර ආර්ථික අර්බුදය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා චීන රජය තීරණය කරලා තියනවා ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර ලබා දීමට.

අපි ලබා දෙන ආධාර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා මග හරවා ගැනීමට උදව්වක් වේවි. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට මේ තාවකාලික දුෂ්කරතාවලින් ගොඩ එමින් ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය සහ සංවර්ධනය පවත්වා ගැනීම පුළුවන් වෙයි කියලා” යැයි චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රකාශක සූ වෙයි ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *