වර්තමාන ආණ්ඩුවට මේ වන විට පාර්ලිමේන්තු බහුතරය අහිමි බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.
ආණ්ඩු පක්ෂ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන ලාන්සා පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන ආණ්ඩුවක් පිහිටුවීම සිය ඉල්ලීම බවයි.
අගමැති මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පුද්ගලයාට එය පිරිනැමිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.
මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගිය හැකි ඕනෑ ම පාර්ශ්වයකට සිය ස්වාධීන කණ්ඩායමේ පූර්ණ සහාය කොන්දේසී විරහිතව ලබා දෙන බවයි, නිමල් ලාන්සා සඳහන් කළේ.